දේශීය පුවත්

අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන්ගේ යම් යම් නොමනා හැසිරීම් හා සාමුහිකත්වය බිදදැමීමේ ක්‍රියාමාර්ගයන් නිසා ඇතිවූ තත්ත්වය හමුවේ දුමින්ද දිසානායක හිටපු අමාත්‍යවරයා සහ ඔහුට හිතවත් තවත් මංත්‍රීවරුන් සමග එජාපයේ රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළකිරීමේ තීරණයක් ගත් බවට අනුරාධපුර දිස්ත්‍රික් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

නමුදු බැසිල් රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවේදී ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය මග හරවා ගැනීමේ ක්‍රියාමාර්ගයන් යුහුසුලුව ගන්නේ නම් පමණක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළ කරන බවත් ඔහු පවසා ඇතැයි වාර්තාවේ .

මෙම ගැටුමට මූලික වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කිරිම සම්බන්ධව දුමින්ද දිසානායක හිටපු අමාත්‍යවරයා හා ඔහුගේ ආධාරකරුවන් විසින් සවිකරන ලද සුභ පැතුම් ප්‍රචාරක පුවරු පොහොට්ටුවට සම්බන්ධ මංත්‍රීවරුන් විසින් විනාශ කිරීම නිසායැයි තතුදත් ආරංචි මාර්ග පවසයි.

ඊයේ(30)කොළඹ පිහිටි දුමින්ද දිසානායක මහතාගේ නිවසේදී මෙම සාකච්ඡාව සිදුව ඇති අතර මෙය පැය දෙකකට ආසන්න කාලයක් පැවැති බවද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More