දේශීය පුවත්

‘මම මේ පුටුවේ ඉන්නකම් උතුරු නැගෙනහිර එකතු කරන්නෙත් නැහැ, ෆෙඩරල් කරන්නෙත් නැහැ.‘ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවේදී ප්‍රකාශ කර ඇත.

එම කරුණු දෙක ඉටු කර ගැනීමට නම් තමා මරා දැමිය යුතු යැයිද ජනාධිපතිවරයා පවසා තිබේ.

එසේ වුවද උතුරු නැගෙනහිර එකතු කරනා බවට හා ෆෙඩරල් දෙන බවට සමහරුන් සපථ කර ඇතැයි ද ජනාධිපතිවරයා පවසා ඇත.

මහින්ද රාජපක්ෂ මහතාත්, තමාත් අවබෝධයෙන් කටයුතු කරන බව පවසා ඇති ජනාධිපතිවරයා ඉදිරියේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර ඇතැයි කී ජනාධිපති සිරිසේන මහතා ඒ ගැන බියක් ඇතිකර නොගන්නැයි ඉල්ලීමක්ද කර ඇත.

මෙම හමුව ජනාධිපති මන්දිරයේදී අද (31) දහවල් පැවැත්විණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More