දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව මෙන්ම දේශපාලන නියෝජිතයින් රැසක් මේ සඳහා සහභාගී වී සිටියි.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්වීමත් සමඟ පිහිටුවනු ලැබූ නව ආණ්ඩුවට සහාය පළ කරමින් පැවැත්වෙන
මෙම රැළිය නම් කර ඇත්තේ රටම රකින ජනමහිමය ලෙසයි.
මෙය සංවිධාන කර තිබෙන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ එක්වයි.
මේ වන විට ජන රැළිය ආරම්භ වී ඇති අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ නියෝජනය කරමින් දේශපාලන නියෝජිතයින් ඇතුලු බොහෝ පිරිසක් ඊට සහභාගී වී සිටියි.
එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මෙම ජන රැළියට සහභාගී වීමට නියමිතය.
සජීවී විකාශය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...