නව රජයේ අතුරු සම්මත ගිණුම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පවත්වන රාජාසන කතාවෙන් පසු එළඹෙන පළමු පාර්ලිමේන්තු දිනයේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සී. බි. රත්නායක මහතා පවසයි.
නව ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී පරාජය කරනු ලැබුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යාමට සිදුවන බව පැවැසූ සී. බි. රත්නායක මහතා මෙමගින් එක්සත් ජාතික පක්ෂයට සිදුවන්නේ ගෙදර ගියොත් අඹු නසී, මග සිටියොත් තෝ නසී යන තත්ත්වයක් බව පැවැසීය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සියයට 49 කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියයට 14 කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් දිනාගනු ලැබිය. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වූ විට මහ මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් පහසුවෙන්ම දිනා ගැනීමට හැකි බව සී. බි. රත්නායක මහතා පැවැසීය.
එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සිටින සුළු පක්ෂවල සහායද එහිදී හිමිවන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයට බව සී. බි. රත්නායක මහතා පැවැසූ අතර එමගින් පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් සමග මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය ජයග්‍රහණය කරන බව සී. බි. රත්නායක මහතා පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...