ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා අතර අද (31) විශේෂ සාකච්ඡාවක් පැවැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිවී තිබූ ගැටලූ හා ඒවා විසඳාගන්නා ආකාරය පිළිබඳව මෙහිදී දෙදෙනා දීර්ඝව සාකච්ඡා කර ඇත. නව රජය පිහිටුවීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හා පාක්‍ෂිකයන්ට යම් යම් ගැටලු ඇතිවීමෙන් තමන් කලකිරීමට පත්ව සිටින බව දුමින්ද දිසානායක මහතා මෙහිදී බැසිල් රාජපක්‍ෂ මහතාට ප‍්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.
එම ගැටලු විසඳීමට මැදිහත්වන්නේ නම් ශක්තිමත් රජයක් පිහිටුවීමට තමන් සහය පළකරන බව දිසානායක මහතා පවසා ඇතැයි වාර්තාවේ. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සාකච්ඡා කර එම ගැටලු විසඳීමට තමන් පුද්ගලිකවම මැදිහත්වන බව බැසිල් රාජපක්‍ෂ මහතා දුමින්ද දිසානායක මහතාට දැනුම් දුන් බවද වාර්තාවේ.
කොළඹ පිහිටි දුමින්ද දිසානායක මහතාගේ නිවසේදී මෙම සාකච්ඡාව සිදුව ඇති අතර මෙය පැය දෙකකට ආසන්න කාලයක් පැවැති බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...