ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් බී.ජේ.පී. පක්ෂයේ රාජ්‍ය සභා පාර්ලිමේන්තු මන්ත්‍රී සුබ්‍රමනියම් ස්වාමි මහතා ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය හා අලුතින් පත්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳ සිය අදහස් පළ කර තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමත් සමඟ හුවමාරු වූ දුරකථන ඇමතුමක් පිළිබඳව අදහස් දක්වමින් ස්වාමි මහතා ප්‍රකාශ කළේ තමා වසර ගණනාවක් රාජපක්ෂ මහතා හඳුනන බවත් එල්.ටී.ටී.ඊ.ය සමඟ සටන් වැදුණු අවස්ථාවේ දී සහ දිල්ලි වෙත ගිය සිය සංචාරයේ අවස්ථාවන්ට රාජපක්ෂ මහතාට ලබා දුන් අඛණ්ඩව සහයෝගය සඳහා තමාට රාජපක්ෂ මහතා කෘතඥපූර්වක විය.
එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මුලිනුපුටා දැමූ දෙමළ ජනතාව නැවත පදිංචි කිරීම වැනි පැහැදිළි ගැටළු නිරාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව තමා මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රකාශ කළ බව සුබ්‍රමනියම් ස්වාමි මහතා සඳහන් කළේය.
එසේම මහින්ද රාජපක්ෂ මහතා විසින් සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීම සම්බන්ධව ප්‍රසංශා කළේය.
This is what INDIAN senior politician Hon Dr Subramanian Swami had to say on the appointment of Hon Mahinda Rajapaksa as the Prime Minister of Sri Lanka.
Gepostet von Mohan Wijewickrama am Montag, 29. Oktober 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...