අවශ්‍යතාවක් ඇතිවුවහොත් විපක්ෂ නායක ධුරය අත්හැරීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසි.
ඇති වී තිබෙන දේශපාලන ව්‍යාකූලතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් ඒ බව පවසා ඇත.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය මේ වනවිට හොබවනු ලබන්නේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් විසිනි.
පාර්ලිමේන්තුවේ ඔවුන්ට හිමි සභික ධුර ගණන 16ක් වන අතර බල පෙරළිය යටතේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට එක්සත් ජාතික පක්ෂයට සිදුවුවහොත් ඔවුන්ගේ සභික ධුර ගණන ඊට වඩා වැඩි වනු ඇත.
ඒ අනුව විපක්ෂ නායක ධුරය ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂයට හැකිවන බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් පසුගිය ආණ්ඩුව විසින් වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් නියෝජනය කළ ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායක ධූරය ලබා නොදීමට කටයුතු කළ අතර මන්ත්‍රී ධූර 16 ක් හිමි දෙමළ ජාතික සන්ධානයට එය ලබාදීමට කටයුතු කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...