ප‍්‍රධාන පුවත්

ශ්‍රිලනීපය සමග එකතු වීමට නම් ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට වන යෝජනාව ඇතුලත් ඒකාබද්ධ විපක්ෂයේ සියළු කොන්දේසි ජනතාව වෙනුවෙන් වන කොන්දේසි නොවන බව පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (25) මාතර පැවති ජන හමුවකට සහභාගි වෙමිණි.

“දැන් අපිට පේනවා මාධ්‍ය වාර්තස කරනවා මහින්ද රාජපක්ෂ මහත්තයා ගේ ඒකාබද්ධ කල්ලිය කොන්දේසි ඉදිරිපත් කරනවා සාකච්ඡා වලට. ඒ කොන්දේසි වල තියෙන්නේ මොනවාද එක්කෝ මට අගමැතිකම දෙන්න ඕන. එක්කෝ පක්ෂේ සභාපතිකම දෙන්න ඕන නැත්නම් විපක්ෂ නායකකම දෙන්න ඕන. මේ තුනම රටට වැඩක් නෑ. රටේ මහජනතාවට වැදගත් වෙන කොන්දේසි තුනක් ද මේ ඉල්ලන්නේ. නෑ තමන්ට බලය එන කෙටි මාවත තමයි මේ පාදගන්න හදන්නේ. ඒකට තමයි මේ එයා එයාගේ දාම් පෙත එලන්නේ. එයාට අපි ෂොට් එක දීලා ගෙදර යැව්වේ. තවමත් පුනරුත්තාපනය වෙලා නෑ. ඒ නිසා කල් ගන්නේ නැතුව හරියට කෙලින් ජාතික අභිලාෂයන් සමග එකට හිට ගැනීම ඉතාම වැදගත් වෙනවා.” උන්වහන්සේ සඳහන් කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More