නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතිය අමතා කතා කිරීමට සූදානම් බවට වාර්තා වෙයි.
මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද සහ ඉදිරි දින කිහිපයේදී තවත් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමට නියමිත බවය.
කෙසේවෙතත් අමාත්‍යවරුන් සියලූ දෙනා දිවුරුම් දී අවසන් වීමට පෙර නව අග‍්‍රාමාත්‍යවරයා ජාතිය අමතනු ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි..
දැනට දිවුරුම් දී සිටින කැබිනට් අමාත්‍යවරුන් ගණන 12 දෙනෙකි. ඒ අනුව තවත් කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකු පත් කිරීමට අවස්ථාව තිබේ.
ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ එක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මේ වන විට දිවුරුම් දී තිබේ.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව පත් කළ හැකි කැබිනට් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ගණන 40 දෙනෙකු වන අතර ඒ අනුව තවත් කැබිනට් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු සදහා අවස්ථාව ඉතිරිවී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...