දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර ඇති යුක්තිය හඩ වේදිකාවේ ජනතාව අමතන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු මහින්ද රාජපක්ෂට සහාය දක්වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පක්ෂයේ අභ්‍යන්තර තොරුතුරු අංශ වාර්තා කර සිටියේ මේ වන විට එම 12 දෙනා ස්ථීර වශයෙන්ම මහින්ද රාජපක්ෂට සහාය දැක්වීමට එකඟතාවය පල කර ඇති බවයි. ලබන 16 වනදා දිනට පෙර අදාළ 12 දෙනාට හිමි අමාත්‍යංශය පිරිනමන්නේ සුභ නැකත්වලට බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ. මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ වේදිකාවේ කතා කරමින් අඩා වැළපෙමින් සිටිනා බව පෙනුනවද ඔවුන් මහින්ද රාජපක්ෂට හට සහාය දක්වනු ඇත.

එසේම පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන භික්ෂුන් වහන්සේ නමක් මේ වන විට මහින්ද රාජපක්ෂට සහාය දක්වන අතර උන්වහන්සේ හා සම්බන්ධ පක්ෂයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැවත මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට එක්වනු ඇති බව වාර්තා වේ. ඔවුන් සමඟ සමීප සම්බන්ධතා ඇති පුද්ගලයින් පවසන්නේ මහින්ද රාජපක්ෂට වඩා මෛත්‍රිපාල සිරිසේන තනි කළ යුතු නැති බවත් ජනාධිපතිවරයාට සහාය දැක්වීම කළ යුතු බවයි.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් ඉදිරියේදී පොදු අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් කිරීමට කටයුතු කරන මන්ත්‍රීවරයෙකු ද මේ වන විට මහින්ද රාජපක්ෂට සහාය දැක්වීම සඳහා සාකච්ඡා කරමින් පවතින බව මහින්ද පාර්ශයෙන් ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More