දේශීය පුවත්

ශ්‍රී ලංකාව කෙරෙහි ඇතැම් රටවල් දැනට කරමින් සිටින මැදිහත්වීම් ශ්‍රී ලංකාවට හිතවත්ව සිදුකරන මැදිහත්වීම් බව දේශපාලන විචාරක මාධ්‍යෙව්දී මොහාන් සමරනායක මහතා පවසයි.

ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය,කැනඩාව වැනි රටවල් මේ ආකාරයේ බලපෑම් කරන්නේ ශ්‍රී ලංකාව ඔවුන්ට පාලනය කළ හැකි තත්ත්වයක තබා ගැනීම්ට බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

ශ්‍රී ලංකාවට එරෙහි මෙම අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත කිසියම් යෝජනාවක් ඉදිරිපත් වුවද එවැනි යෝජනාවක් පවා සම්මත නොවනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය .

ඒඅනුව සම්බාධක පිළිබඳ මතු කරන බිය ජනතාව මුලා කිරීමක් බව පැවසූ මොහාන් සමරනායක මහතා නිවැරදි විදේශ ප්‍රතිපත්ති මගින් ජාත්‍යන්තර අභියෝග ජයගත හැකි බවද කියා සිටියේය.

ආණ්ඩු පෙරළියත් සමග ශ්‍රීලංකාවේ ඇතිව තිබෙන තත්වය සැලකිල්ලට ගෙන ජාත්‍යන්තරය විසින් සම්බාධක පැනවීමට කටයුතු කරන බවට හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා විසින් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් සමරනායක මහතා මෙම අදහස් පළ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More