දේශීය පුවත්

මේ රටේ දේශපාලනය වෙනුවෙන් සිය මතයන් දැක්වීම සහ අවවාද අනුශාසනා ලබා දීමට සංඝ රත්නය නිරතුරුව ඉදිරිපත් වේ. මේ අතර රටේ ඉහළ නායකත්වය සමග නිරතුරුව සමීපව සිටිමින් අවවාද අනුශාසනා ලබා දෙන ස්වාමීන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේ ප්‍රසිද්ධය. ඒ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් ලෙසට රටම හදුන්වන පූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමියන් ය.

රටේ සිදුවූ දේශපාලන බල පෙරළිය පිළිබඳව උන්වහන්සේ මාධ්‍යයට අදහස් දක්වා කියා සිටියේ මෙම ආණ්ඩු පෙරළියත් සමග ජනතාව සතුටු වූ බවත් එමගින් පෙනි යන්නේ පසුගිය රජය කෙරෙහි ජනතාව කොතරම් කලකිරි සිටියා දැයි බවය.

ඒ පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ

“ඡන්දය දීපු කෙනෙක් මේ වෙච්ච දේ ගැන ඇඬුවේ නෑ, පහන් පත්තු කළේ නෑ, සාප කළේ නෑ, සද්දයක් නෑ. එහෙමනම් රටේ ජනතාව මිරිකිලා පෑගීලා තැතිගැනීමෙන් දුකෙන් හිටිය බවයි අපි මධ්‍යස්ථ භාවයෙන් අදහස් කරන්නේ. වෙන රටක නම් රටේ බහුතරයක් පත්කරපු රජයක් වට්ටවනවා නම් රටේ ජනතාව නැගී හිටිනො. මම හිතන්නේ කිසිකෙනෙක් නිදාගත්තා ඇර නැගිහිටියේ නෑ කියලයි මම නම් හිතන්නේ” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More