දේශීය පුවත්

අරලියගහ මන්දිරය තමන් යටතේ පවතින දේපළක් බැවින් එය ඉක්මනින් ආපසු බාර ගැනීමට කටයුතු කරන ලෙස තමන්ගේ නිලධාරීන්ට උපදෙස් දී ඇති බව අග්‍රාමාත්‍ය ‍ලේකම් එස්. අමරසේකර මහතා සඳහන් කරයි.

රාජ්‍ය නිලධාරීන් නිල නිවාස ආපසු බාර දීමේදී යම් සහන කාලයක් ලබා දීමේ ක්‍රමවේදයක් තිබුණත් දේශපාලනඥයන්ට එවැනි ක්‍රමවේදයක් නොමැති බවද ‍ලේකම්වරයා සඳහන් කළේ ඊයේ (30) සිය කාර්යාලයේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමිනි.

රාජ්‍ය දේපළ අවභාවිතය බරපතළ වරදක්. අරලියගහ මන්දිරය ආපසු බාර නොදී හිටපු අගමැතිවරයා ච්ෙතාන්විතව එම දේපළ අවභාවිත කරනවා කියල හිතන්නේ නෑ, එතුමාට එම නිවසින් ඉවත් වීමට යම් සහන කාලයක් අවශ්‍ය නම් මානුෂිකව ඒ සහනය ලබා දෙන්න පුළුවන්. මගේ විශ්වාසය දේශපාලන ප්‍රශ්නය විසඳා ගන්න එතුමා අරලියගහ මන්දිරය පාවිච්චි කරන්නෙ නෑ කියලයි. හෙට අනිද්දා එය ආපසු බාර දේවි. එහෙම නොකෙරුනොත් ඒ ගැන ගතයුතු පියවර ගැන අපට සලකා බලන්න පුළුවන්. ඉකුත් රජයේ සිවිල් ආරක්ෂක අංශයේ ප්‍රධානියා නිල වාහනය බාර දෙන්න සතියක් ප්‍රමාද වුණා කියල ඔහු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළා. මේ ප්‍රශ්නය එතරම් සැලකිය යුතු දෙයක් නොවෙයි. නමුත් එහෙම වුණා.

“හිටපු ජනාධිපතිවරයා 2015 ජනාධිපතිවරණයෙන් පරාජය පිළිගෙන ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්නත් පෙර නිල නිවස බාර දී ගියා. ඒක තමයි සම්මත ක්‍රමය. මම විශ්වාස කරනවා අරලිය ගහ මන්දිරයත් අද හෙට බාර දේවි කියලා. හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා පදිංචිව සිටි රජයේ නිල නිවසක් වූ විසුම්පායද පසුගිය රජයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව පාවිච්චියට අරගෙන තිබෙනවා. ඒ ගොඩනැගිල්ල ඊයේ (30) නැවත ආපසු අපේ බාරයට ගන්නට කටයුතු කළ බවද ‍ලේකම්වරයා කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More