ජාතික ආරක්ෂාව හා ජන ජීවිතය අනතුරට ලක් කරන කුමන්ත්‍රණකාරී තත්වයක් ගොඩනැගීම වැළැක්වීම සඳහා මැදිහත්වන ලෙස ජාතික සංවිධාන එකමුතුව අතිගරු ජනාධිපති මහින්ද මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.
අද(30) යොමු කරන ලද එම ලිපිය මගින් වැඩිදුරටත් ඔවුන් ඉල්ලා සිටින්නේ හදිසි නීතිය පනවා හෝ යම් කුමන්ත්‍රණයකට සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂි තිබේ නම් තරාතිරම නොබලා ඕනෑ ම පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.
සම්පූර්ණ ලිපිය පහතින්
අතිගරු ජනාධිපතිතුමනි,
මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති තුමනි,
හදිසි නීතිය පනවා වහාම ගොඩනැඟෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය පාලනය කරන ලෙස කරනු ලබන පුරවැසි ඉල්ලීම
ඔබතුමා විසින් ව්‍යවස්ථානුකූලව ගනු ලැබූ තීරණය හිටපු අගමැතිතුමා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා මේ වනවිට බරපතළ ගැටුම්කාරී තත්ත්වයක් රට තුළ ගොඩනැගෙමින් පවතින බව ජාතික සංවිධාන ලෙස අපි නිරීක්ෂණය කරමු.
ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අදාල දේශපාලන පක්ෂ සතු වන අතර එම දේශපාලන තීන්දුව නිසා ජාතික ආණ්ඩුව අහෝසි වන අතර ව්‍යවස්ථාවේ 46 (2) වගන්තිය අනුව අමාත්‍ය මණ්ඩලය අහෝසි වේ. එවැනි තත්ත්වයකදී ඔබතුමා සතුව පිළිතුරු දෙකක් තිබෙන බව අවබෝධ කරගැනීමේ අමාරුවක් පුරවැසියන් ලෙස අපට නම් නැත. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට අනෙකුත් දේශපාලන පක්ෂ සමග එකතුව ජාතික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඉල්ලා එසේ කළ හැකිනම් ඔහු අගමැති ලෙස නැවත පත් කිරීමේ බලය ඔබතුමා සතුව ඇත. නමුත් එතුමා කෙරෙහි විශ්වාසය නොමැති නම් බහුතර විශ්වාසය දිනා ගත හැකි යැයි ඔබතුමා විශ්වාස කරනු ලබන මන්ත්‍රීවරයා අගමැතිවරයා ලෙස පත් කිරීමේ බලය ඔබතුමාට ඇත.
දීර් ඝ අත්දැකීම් සහිත අගමැතිවරයාට ව්‍යවස්ථාවේ පවතින එම සරල ප්‍රතිපාදන තේරුම්ග ගත නොහැකි යැයි අපට පිළිගත නොහැක. එසේම හිටපු අගමැතිවරයාට පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය නැවත දිනා ගත හැකි නම් නොවැම්බර් 16 වැනි දින හෝ ඊට ආසන්න දිනෙක ඒ බව ඔප්පු කොට නැවත අගමැතිවරයා පත්වීමේ හැකියාව ඇත. ඊට අමතරව මේ වන විට නීතිපතිවරයා විසින්ද ඔබතුමා විසින් ගනු ලැබූ තීන්දුව ව්‍යවස්ථානුකූල බව ප්‍රකාශ කොට ඇත.
එම නිසා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථානුකූලව ගනු ලබන තීන්දුවට දැනුම්වත්ව සහ අහේතුකව අභියෝග කිරීම මඟින් රට තුළ ව්‍යවස්ථාමය අර් බුදයක් සහ දේශපාලන පක්ෂ සහ පාර්ශව අතර ගැටුම්කාරී තත්වයක් පැන නැගී ඇත. එනම් රට තුළ සිවිල් යුදමය තත්වයක් පැන නැගෙමින් තිබේ. මෙවැනි තත්වයක් පැන නගින්නේ ඔබතුමා ඝාතනය කොට රටේ ජාතික ආරක්ෂාව පවා අනතුරට ලක් කිරීමේ කුමන්ත්‍රණයක් පවතින තත්ත්වයක් තුළය. ඊට අදාළ යම් සාක්ෂි ඔබතුමා විසින් ඉදිරිපත් කොට ඇත.
ඒ අනුව ජාතික ආරක්ෂාව හා ජන ජීවිතය අනතුරට ලක් කෙරෙන කුමන්ත්‍රණකාරී තත්වයක් ගොඩනැගීම වැළැක්වීම සඳහා ඔබතුමා ව්‍යවස්ථාවෙන් බැඳී සිටියි. එම නිසා වහාම හදිසි නීතිය පනවා යම් පාර්ශවයක් කුමන්ත්‍රණයකට සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂි තිබේ නම් තරාතිරම නොබලා ඕනෑම පුද්ගලයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
ස්තූතියි,
මෙයට,
දේශයට ලැදි,
අත්සන් කළේ,
ආචාර් ය ගුණදාස අමරසේකර,
කැදවුම්කරු,
ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන්.
2018.10.29
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...