ව්‍යාපාරික පුවත්

මෙරට මූල්‍ය ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 175 සීමාව අද (30) දිනයේ දී ඉක්මවා ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 171.6722 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 175.5637 ක් ලෙසින් සටහන් විය.

ඩොලරයක විකුණුම් මිල රුපියල් 175 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව 2018 අගෝස්තු මාසය සඳහා වන විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාව නිකුත් කරමින් කියා සිටියේ, එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීම හේතුවෙන් විනිමය අනුපාතිකය මත අවප්‍රමාණය වීමේ පීඩනයක් අඛණ්ඩව පැවති අතර, විනිමය අනුපාතිකයෙහි අනිසි අධික විචලනයන් අවම කිරීම සඳහා දේශීය විදේශ විනිමය වෙළඳපොළ වෙත මැදිහත් වීමට මහ බැංකුවට සිදු වූ බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More