දේශීය පුවත්

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සහ දෙමල ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා අතර හමුවක් අද පෙරවරුවේ සිදුව ඇත.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී මෙම හමුව සිදුව ඇති අතර සාකච්චා වූ කාරණා මෙතෙක් වාර්තා නොවෙයි.

දෙමල ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේ ආසන 16ක් නියෝජනය කරයි.

මේ අතර රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබදව කරුණු සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානයේ සියළුම මන්ත්‍රීවරුන්ට අද (30) දහවල් කොළඹට පැමිණෙන ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් විපක්ෂනායකවරයා දැනුම් දී තිබේ.

මේ සාකච්ඡාව සදහා දෙමළ ජාතික සන්ධානයේ උතුරු නැගෙනහිර පළාත්වල සියළුම මන්ත්‍රීවරු කැදවා තිබේ.

කොළඹට පැමිණෙන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු හා එහි නායකයා අතර විශේෂ සාකච්ඡාවක් අද (30) පෙරවරු 11 ට විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ අතර රටේ උද්ගතව ඇති දේශපාලන ව්‍යාකූලතාවය පිළිබදව දෙමළ ජාතික සන්ධානයේ කීස්ම මන්ත්‍රීවරයෙකු ජනමාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙසටද සම්බන්ධන් මහතා දැනුම් දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More