දේශීය පුවත්

පවතින දේශපාලන තත්ත්වයේදී පාර්ලිමේන්තුවේ සංයුතිය කෙසේ වෙනස් වන්නේ දැයි බොහෝ දෙනා විමසිල්ලෙන් සිටියි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තේරී පත් වූ සියළු මන්තී‍්‍රවරුන් මෛතී‍්‍ර – මහින්ද නව ආණ්ඩුවට සහාය පළ කරන්නේ යැයි අනුමාන කලහොත් මේ වනවිට ඔවුන්ට හිමි මුළු මන්තී‍්‍රවරුන් ගණන 100 දෙනෙකි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේම තේරීපත් වූ මන්තී‍්‍රවරුන් 94 දෙනෙකු, ලංකා කම්කරු කොංග‍්‍රසයේ ආරමුගම් තොණ්ඩමන්, ඊපීඞීපීහි ඩග්ලස් දේවානන්ද සහ එක්සත් ජාතික පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට තේරීපත් වූ 4දෙනෙකුද ඊට අයත් වෙති.

එක්සත් ජාතික පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට තේරීපත්ව දැන් මෛතී‍්‍ර – මහින්ද ආණ්ඩුවට සහාය පළ කරන්නන් වන්නේ ආචාර්ය විජේදාස රාජපක්‍ෂ, වසන්ත සේනානායක, ආනන්ද අලූත්ගමගේ, වඩිවේල් සුරේෂ් යන අමාත්‍යවරුන්ය.

ඔවුන් මේ වනවිටත් නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුර භාරගෙන තිබේ.

එක්සත් ජාතික පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට තේරීපත් වූ මුළු මන්තී‍්‍රවරුන් ගණන 106 දෙනෙකි. කතානායකවරයා හැරුණු විට ඔවුන්ගේ මන්තී‍්‍රවරුන් ගණන 105 දෙනෙකු විය.

කෙසේවෙතත් ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය යටතේ වෙනම තේරීපත් වූ මන්තී‍්‍රවරයෙකු සහාය පළ කර ඇත්තේ එක්සත් ජාතික පෙරමුණටය.

එක්සත් ජාතික පෙරමුණ යටතේ තේරීපත්වූ මන්තී‍්‍රවරුන් 4 දෙනෙකු මේ වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය පළ කර ඇති බැවින් මේ වනවිට එක්සත් ජාතික පෙරමුණ සමග සිටින මන්තී‍්‍රවරුන් ගණන 102 කට සීමා වී තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන් ගණන 16 දෙනෙක් වන අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍රවරුන් ගණන 6 දෙනෙකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More