GOSSIP

බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ කාර්යාලයක සේවිකාවක සමඟ පවත්වන අනියම් ඇසුර අතටම අල්ලාගෙන එම යුවල අනුරාධපුර ‍පොලිසියට ගෙනැවිත් බාර දුන් අධිකරණ නිලධාරිනියක පිළිබඳ පුවතක් අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියෙන් වාර්තා‍ වෙයි.

එම සිදුවීම මෙසේය,

මෙම පනස්පස් හැවිරිදි බැංකු නිලධාරියා විසිනව හැවිරිදි කාර්යාල සේවිකාව සමඟ වසර පහකට වැඩි කාලයක් තිස්සේ අනියම් සබඳතාවයක් පවත්වා ගෙන ගොස් ඇත. මේ බව නොයෙක් අයුරින් වරින්වර මෙම අධිකරණ නිලධාරිනියට දැන ගැනීමට ලැබී තිබේ. ඉන් පසු ඇය ඔවුන්ට රහසින් ඒ යුවල යනෙන තැන් පිළිබඳ විමසිල්ලෙන් හිඳ තිබේ. මේ අතර මෙම යුවල පසුගිය සිකුරාදා දහවලක් ‘මධුසමයක්’ ගත කිරීම සඳහා අනුරාධපුරේ නිවාඩු නිකේතනයකට ගොස් ඇත. එවිට ඒ පිළිබඳව කල් තියා කරුණු දැන සිටි මෙම නිලධාරිනිය තම සොයුරන්ට දන්වා ඇත්තේ ඔවුන් ලුහු බැඳ ගොස් අතටම අල්ලා ගන්නා ලෙසය.

එවිට එම යුවළට රහසින් ඔවුන් පිටුපස ලුහුබැඳි අධිකරණ නිලධාරිනියගේ සහෝදරයන් පිරිසක් ඔවුන් දෙදෙනා එහිදී අතටම අල්ලාගෙන අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට බාර දී තිබේ.

එහිදී පොලිසියට පැමිණි බිරිඳ හා සැමියා ඇතුළු සියලු පාර්ශ්වයන් අතර උණුසුම් වචන හුවමාරු සිදුවෙද්දී ‍පොලිස් නිලධාරීන් සියලුම දෙනාට කරුණු පැහැදිලිකර ගැටුම සමාදානයෙන් විසඳා සමථයකට පත්කර ගැනීමට උපදෙස් දී ඇත.

මෙම තරුණ කාර්යාල සේවිකාව තම විවාහයට පෙර සිටම මෙම බැංකු නිලධාරියා සමඟ අයතා සබඳතාවක් පවත්වා ඇති බවද ඇගේ සැමියා විදේශ ගතවීමත් සමඟ එම සම්බන්ධය තදින්ම පැවත්වා ඇති බවද අනාවරණය විය. මින් කෝපයට පත් අධිකරණ සේවිකාවගේ සහෝදර පාර්ශ්වයෙන් කාර්යාල සේවිකාවට තදබල තර්ජන එල්ලවීම නිසා නිවසට යාමට කැකිරාවට දක්වා ධාවනය වන බස් රථයකට ඇය ඇරලවීමට පවා ‍පොලිස් නිලධාරීන්ට සිදුව තිබේ. එමෙන්ම ඒ සම්බන්ධයෙන් ගැටුම් ඇති කර ගතහොත් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිස් නිලධාරීන් ඔවුන්ට අවවාද කොට ඇත.

මෙහි විශේෂත්වයක් වන්නේ බැංකු නිලධාරියා හා සමඟ අනියම් සබඳතාව පවත්වන කතගේ වයසට සමාන වයසක විවාහක දරුවකුද ඔහුටද සිටිමය. සිද්ධිය සමථයකට පත්වී නිවසට ගිය බැංකු නිලධාරියාගේ මෝටර් රථයේ ටයර් කපා අලාභ හානි කිරීමට කිසියම් පිරිසක් කටයුතු කර ඇති බවද වාර්තා වේ.

කෙසේ හෝ බොහෝ දෙනෙකුට කනින් කොනින් ආරංචි වී තිබූ මෙම ‍සබඳතාව ලැව් ගින්නක් මෙන් පැතිර යාම නිසා එම නිලධාරියාටත්, කාර්යාල සේවිකාවටත් සමාජ අවමානයකට ලක්වීමට සිදුව ඇති බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More