ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තීු වරුන් 6 දෙනාගේ අත්සනින් කථානායක වෙත යොමු කරන ලද ලිපිය මගින් පාර්ලිමේන්තු කැඳවන ලෙස ඉල්ලීම ළදරු ක්‍රියාවක් බව ජාතික සංවිධාන පවසයි.
ලංකා ලීඩ්ලි නිව්ස් අදාළ ලිපිය පිළිබඳව ජාතික සංවිධාන වල මතය විමසීමේදී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් එම ප්‍රකාශ කරනු ලැබිය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ ජනතාවගේ පරමාධිපත්‍ය රැකීම යනු ව්‍යවස්ථාව රැකීම හෙවත් ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීම බවය.
ඔහුට අනුව ව්‍යවස්ථාදායකයට පැවරී ඇත්තේ පරමාධිපත්‍යයේ එක් බල කේන්ද්‍රයක් පමණි. ව්‍යවස්ථාව අනුව එම බලය විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණය වෙත පැවරී ඇත.
ඒ අනුව අවස්ථාව මගින් පාර්ලිමේන්තුව මාස දෙකක උපරිම කාලයක් දක්වා කල් තැබීම සඳහා ජනාධිපතිවරයා වෙත පවරා ඇති බලය ව්‍යවස්ථාදායකයට උල්ලංඝණය කළ නොහැක.
ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන්ට කළ හැක්කේ ජනපතිගේ තීන්දුවට ගරු කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටීම සහ 16 වනදා බහුතරය පෙන්වා ඔහු නැවත අගමැති ඉල්ලීමය.
ව්‍යවස්ථාදායකයේෙ යම් සමාජීයකයෙකු ව්‍යවස්ථා විරෝධීව අගමැති ලෙස පෙනී සිටිනීම වරදක් බව පෙන්වා දීම සෙසු සාමාජිකයන්ගේ වගකීමක වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...