ප‍්‍රධාන පුවත්

ෆයිසර්ට විශ්වාසභංග

November 24, 2017 9:39 pm | Lanka Lead News

පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට විරුද්ධව පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපාට එරෙහිව ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රි කණ්ඩායමක් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි “මව්බිම”ට පැවැසීය.
ඒකාබද්ධ විපක්ෂයද ඇමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව දැනගන්නට ඇති බව සඳහන් කළ මන්ත්‍රිවරයා ඒ යෝජනාවටද තමා අස්සන් කිරීමටද සූදානම් යැයිද සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් වී තිබියදී එම නිවේදනවලට අදාළ ක්‍රියාමාර්ග නිසි පරිදි වගකීමකින් ඉටු කිරීමට කටයුතු නොකිරීම, සීමානිර්ණය ගැටලු ඇතිවන ආකාරයෙන් ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම, පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයේදී පවත්වන බවට පාර්ලිමේන්තුවට සහතිකයක් ලබාදී තිබියදී එය කඩකිරීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශ්වාසභංග වී ඇති බව එම විශ්වාසභංග යෝජනාවේ සඳහන් බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

මෙම විශ්වාසභංග යෝජනාව කඩිනමින් විවාදයට ගන්නා ලෙස කතානායකතුමාගෙන් ඉල්ලා සිටි බවත් අද (24දා) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී මේ ගැන සාකච්ඡා කළ බව කතානායකතුමා ප්‍රකාශ කළ බවද ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඊයේ (23දා) දහවල් මන්ත්‍රි භෝජනාගාරයේදී කතානායකවරයා මුණගැසී ෆයිසර් මුස්තාපා ඇමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් භාරදුන් බව එම කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

ජනතා විමුක්ති පෙරමුණද ඇමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවත් එම යෝජනාව අද (24දා) භාරදෙන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේය.

ආණ්ඩුවේ ඇමැතිවරයකුට එරෙහිව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමක් හා වික්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් දෙකක් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කෙරෙන ප්‍රථම අවස්ථාව මෙය වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More