ව්‍යාපාරික පුවත්

වසර 06කට පසු රුසියාවේ එරෝ ෆ්ලෝට් ගුවන්යානා සමාගමේ ගුවන් යානා අද (29දා) සිට රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් ආරම්භ කරන බව මෝල්ඩිවියන් අවේෂන් පෞද්ගලික සමාගමේ සභාපති ආචාර්ය ධර්මදාස් වික්‍රමගේ මහතා සඳහන් කරයි.

1964දී පළමු වරට ශ්‍රී ලංකාව හා රුසියාව අතර ගුවන් ගමන් ආරම්භ කළ ඒරෝ ෆ්ලෝට් ගුවන් යානා සමාගම වසර 2012දී මෙරටට ගුවන් ගමන් පැමිණීම අත්හිටුවන ලදී.

ශ්‍රී ලංකාව හා රුසියාව අතර පවතින සබඳතා තවදුරටත් වැඩි කිරීම සඳහා සහ දෙරටේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සහාය දැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ මල්දිවියානා අබියෂන් පෞද්ගලික සමාගම කරන ලද සාකච්ඡාවලින් අනතුරුව යළි ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු කර ඇත.

අද (29දා) සිට ගුවන් ගමන් ආරම්භ කරන එරෝ ෆ්ලෝට් ගුවන් යානා සතියකට පස් වතාවක් ශ්‍රී ලංකාව හා රුසියාව අතර ගුවන් ගමන් වාර සිදුකරන බව වික්‍රමගේ මහතා සඳහන් කළේය.

ලෝකය පුරා විහිදුණු දැවැන්ත ගුවන්යානා ජාලයක් ලෙසද යුරෝපයේ ඇති නවීනතම ගුවන්යානා සමාගම ලෙසද මෙම සමාගම ප්‍රසිද්ධ බව වික්‍රමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වසර 6කට පසු රුසියානු ගුවන්යානා ලංකාවට නැවත පියාසර කිරීමට විශේෂ හේතුවක් වී ඇත්තේ 2010 යුද ජයග්‍රහණයෙන් පසු සංචාරකයන් සදහා හිතකර රටක් ලෙස නම් කිරීමය.

US 286 09.05 – කොළඹට පැමිණීම
US 287 10.45 – කොළඹින් පිටත්වීම
මොස්කව් වලට පැමිණීම 17.30

සෑම සෘජු ගමන් ඉරිදා , සදුදා, සෙනසුරාදා 330 – 300 බෝයින් 777 – 300 පියාසර කරයි.

මැල්දිවිවාන් සමූහ ව්‍යාපාරය විසින් සියලු යටිතල පහසුකම් වලින් සපිරි ශ්‍රී ලංකාව ඒජන්තවරයා ලෙස තෝරාගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More