දේශීය පුවත්

දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ දී සිදුකළ වෙඩි තැබීමකින් තිදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර ඔවුන් තිදෙනාගෙන් අයෙක් රාත්‍රී 6.45 ට පමණ මියගිය බව රෝහල් ආරංචි මාර්ග කියයි. තුවාල ලබා සිටින දෙදෙනාගෙන් අයකුගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග කියයි.

දෙදෙනකුට හිසට සහ පපුවට වෙඩි වැදී තිබිණ.
==========================================
දෙමටගොඩ වෙඩි තැබීමක්

දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මුලස්ථානයේ දී සිදුකළ වෙඩි තැබීමකින් තිදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

එක් පුද්ගලයකුගේ හිසටත්‍, තවත් පුද්ගලයකුගේ පපුවටත් වෙඩි වැදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. ‍ඔවුන් දෙදෙනා ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතය.

හිටපු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යඅර්ජුන රණතුංග මහතා සංස්ථා පරිශ්‍රයට ඇතුළු වීමට පැමිණි අවස්ථාවේදී එහි සිටි පිරිසක් සමඟ ඇති වු බහින් බස් වීමක් දුරදිග ගොස් එම අවස්ථාවේදී මෙය සිදු වී ඇතැයි පොලීසිය පවසයි.‍

මේ මොහොත වන විට පොලීසිය, කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා අවට ආරක්ෂාව තර කර තිබේ.

ගුවන් පාලම අසලින් මාර්ගය වසා දමා ඇති අතර රැස්ව සිටින පිරිස් අතර දැඩි උණුසුම් තත්ත්වයක් මේ වන විට ඇති වී ඇත.

ෆයිල් ගෙන යාමට පැමිණි අර්ජුනගේ ඇමති ආරක්ෂක අංශය ඛණිජ තෙල් සේවකයින්ට තුලදීම වෙඩි තබයි

ෆයිල් ගෙන යාමට පැමිණි අර්ජුනගේ ඇමති ආරක්ෂක අංශය ඛණිජ තෙල් සේවකයින්ට ප්‍රධාන කාර්‍යාලය තුලදීම වෙඩි තබයි.. දෙදෙනෙක්ට බරපතලයි..වැඩි විස්තර සදහාwww.u9news.com

Gepostet von U9News am Sonntag, 28. Oktober 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More