දේශීය පුවත්

නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 30කට අඩු වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අද (28) කොළඹ පදනම් ආයතනයේ මාධ්‍ය හමුව අවසානයේදී නව ආණ්ඩුව කැබිනට් අමාත්‍යධුර කීයකින් සමන්විත වේවි දැයි විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගුණවර්ධන මහතා ඒ බව සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ ද කීය.

“අපි යන්නේ කෙටි කාලයයි. පත්වන්නේ අන්තර්කාල ආණ්ඩුවක්. ඒ නිසා කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 30ටත් වඩා අඩු වෙනවා. කැබිනට් මණ්ඩලයත්, නියෝජ්‍ය අමාත්‍යවරුත් සමඟ සියල්ල 60ත් වේවි. ඇතැම් විටෙක එය ඊටත් අඩු වේවි. ඒ වගේම පාර්ශව කිහිපයක් සිටිනවා. ඒ සියලු දෙනා නියෝජනය විය යුතුයි. ඒ නිසා සියලු පාර්ශව නියෝජනය වන පරිදි අමාත්‍යධුර පිරිනැමීම කෙරෙහි සළකා බලා තිබෙනවා” යැයි ගුණවර්ධන මහතා තවදුරටත් කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More