විනාශ මුඛයට පැමිණ තිබු රට එම ව්‍යවසනයෙන් මුදාගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය මහා සංඝ රත්නයේ අතිශය ප්‍රසාදයට ලක් කරන බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි පවසයි.
එය ජනාධිපතිවරයා කල්යල් බලා ගත් කාලෝචිත පියවරක් බව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පවසන්නේය.
වික්‍රමසිංහ මහතා නායකත්වය දුන් පාලනය රාජ්‍ය නායකයාගේ අවවාද සහ මෙරට ජාතියේ මුරදේවතාවන් වූ මහා සංඝ රත්නයේද අනුශාසනා කිසිවක් පිළිනොගෙන ගෙන ගිය දුර්ධාන්ත හා හිතුවක්කාරී පාලනයක් බව කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි පෙන්වා දෙයි.
මේ මොහොතේ හිටපු ජනාධිපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් උගත් පාඩම් සිහියට ගෙන තිස් වසරක යුද්ධය තෙවසරක් තුළ නිමාකලාක් මෙන් වික්‍රමසිංහ රජය තෙවසරක් පුරා සිදුකළ ජාතික හානිය යළි නිවැරදි කිරීමට වගාබලා ගනු ඇති බවට මහා සංඝරත්නයේ බලවත් විශ්වාසය බව උන්වහන්සේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...