නව ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නුදුරැ දිනයේදී පත් කෙරෙනු ඇති බවට අභ්‍යන්තර තොරතුරු වාර්තා කරයි.
මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව නැවත වරක් ආරක්ෂක ලේකම්ධූරය භාර ගන්නේද යන්න පිළිබඳ මාධ්‍යවේදීන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසා තිබූ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු පවසා තිබුණේ රට වෙනුවෙන් සේවය කිරීම සඳහා තනතුරු බලාපොරොත්තු නොවන අතර තනතුරු නොමැතිව සිය වගකීම ඉටු කරන බවයි.
කෙසේ නමුත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දැඩි ඉල්ලිම මත ගෝඨාභය රාජපක්ෂ මහතා එම තනතුරේ වැඩ බාර ගන්නා බව අභ්‍යන්තර කටුයුතු ආරංචි සදහන් කරයි.
මෙම තීරණය සම්බන්ධයෙන් නිල වශයෙන් තොරතුරු වාර්තා නොවුණද අප වෙත ලැබෙන තොරතුරු වලට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කිරීමේ ඉඩකඩ වැඩි බව වාර්තාවේ.
මේ හේතුවෙන් ගෝඨාභය රාජක්ෂ මහතා සහභාගී වීමට නියමිතව තිබු එළිය සහ වියත්මග සංවිධානවල හමුවිම් සියල්ල තාවකාලිකව නවතා ඇති බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඔබට ජයෙන් ජය!