දේශීය පුවත්

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නුදුරැ දිනයේදී පත් කෙරෙනු ඇති බවට අභ්‍යන්තර තොරතුරු වාර්තා කරයි.

මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව නැවත වරක් ආරක්ෂක ලේකම්ධූරය භාර ගන්නේද යන්න පිළිබඳ මාධ්‍යවේදීන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසා තිබූ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු පවසා තිබුණේ රට වෙනුවෙන් සේවය කිරීම සඳහා තනතුරු බලාපොරොත්තු නොවන අතර තනතුරු නොමැතිව සිය වගකීම ඉටු කරන බවයි.

කෙසේ නමුත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දැඩි ඉල්ලිම මත ගෝඨාභය රාජපක්ෂ මහතා එම තනතුරේ වැඩ බාර ගන්නා බව අභ්‍යන්තර කටුයුතු ආරංචි සදහන් කරයි.

මෙම තීරණය සම්බන්ධයෙන් නිල වශයෙන් තොරතුරු වාර්තා නොවුණද අප වෙත ලැබෙන තොරතුරු වලට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කිරීමේ ඉඩකඩ වැඩි බව වාර්තාවේ.

මේ හේතුවෙන් ගෝඨාභය රාජක්ෂ මහතා සහභාගී වීමට නියමිතව තිබු එළිය සහ වියත්මග සංවිධානවල හමුවිම් සියල්ල තාවකාලිකව නවතා ඇති බවද වාර්තා වේ.



One thought on “අන්තර්කාලින පාලන ආණ්ඩුවේ නව ආරක්ෂක ලේකම් ගෝඨාභය”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More