ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
රජයේ ඉදිරි වැඩ කටයුතු ක්‍රීයාත්මක කිරීම පිළිබද මෙහිදී සාකච්ඡා කෙරිණි.
එම ඉදිරි කටයුතු සිදු කිරීම සදහා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලූ මන්ත්‍රීවරුන්ගේ සහය ලබාදෙන බවට යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් එය ස්ථීර කිරීමෙන් අනතුරුව සියලූ මන්තී්‍රවරුන් ඒ සඳහා ඒකමතිකව සහයෝගය පළ කරන ලදී.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලූත්ගමගේ මහතා ද, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන්, ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයන් රැසක් එක්ව සිටී අතර ඔවුන් සියලූදෙනාගේ සහයෝගය ද රජයේ ඉදිරි වැඩ කටයුතු සඳහා ලබාදෙන බව ප්‍රකාශ කරන ලදී.




ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...