දේශීය පුවත්

බෙදුම්වාදී ව්‍යවස්ථාවක්, රණවිරු දඩයම සඳහා වන පනත් මෙන්ම පන්සලේ පින් කැටයට ඉබ්බන් දැමීමට නීති, සම්පාදනය කරමින්, රුපියල වට්ටවා, මහ බැංකුව මංකොල්ල කමින්, රට පාවාදෙන ගිවිසුම් අත්සන් කරමින්, පාතාලයට හා කුඩු ජාවාරමට පාර කපමින් පැවති පාලනය රට ගෙන ගිය දේශද්‍රෝහී ගමන දෙස ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජාතික බලවේග මෙන්ම සියලු දේශහිතෛෂීන් බලා සිටියේ ඉමහත් කනස්සල්ලෙනි.

එබැවින් ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සහ තමන් උපන් බිමට ආදරය කරන සියලු ජනකොටස්වල ඉල්ලීම වූයේ නව අගමැතිවරයකු යටතේ අන්තර්කාලීන පාලනයක් ඇති කොට මේ දේශද්‍රෝහී ගමන නතර කරන ලෙස ය. ඒ අනුව දේශය සුරකින මුරදේවතාවුන් වහන්සේලා ඇතුළු පක්ෂ පාට භේදයෙන් තොර රටට හිතැති සියලු ජනකොටස්වල ඉල්ලීම පිළිගනිමින් සිදුකරන ලද මෙම පාලන වෙනසට ජාතික නිදහස් පෙරමුණේ පූර්ණ සහයෝගය පළකර සිටින්නෙමු.

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති එකිනෙක පටලවමින් මෙම සිදුව ඇති පාලන වෙනස ව්‍යවස්ථා විරෝධී බවට කෙරෙන ප්‍රකාශ ජාතික නිදහස් පෙරමුණ ලෙස තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු. මෙම සියලු කටයුතු සිදුකර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව බව ද මෙහිදී රට හමුවේ පෙන්වා දීමට කැමැත්තෙමු. අද මේ ව්‍යවස්ථා විරෝධී බව මැනීමට ‘කෝනමාන’ අතට ගෙන ඇත්තේ ව්‍යවස්ථා විරෝධීව වසර තුනක් තිස්සේ කටයුතු කළ පිරිස බව ද මතක්කර සිටින්නෙමු.

දේශපාලන මණ්ඩලය,
ජාතික නිදහස් පෙරමුණ,
2018-10-27



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More