දේශීය පුවත්

නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සිරිසේන අමරසේකර පත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. ඒ සඳහා වන නව ගැසට් නිවේදනය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කර ඇති බවයි මන්ත්‍රිවරයා සඳහන් කර සිටියේය.

සිරිසේන අමරසේකර 2010 අප්‍රේල් මාසයේ සිට 2015 ජනවාරි මස දක්වාද අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති අතර, ඊට පෙර අමාත්‍යාංශ කිහිපයක ලේකම්ධුරයන් දරා ඇති ජේෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකි.

අද (27) සවස් කාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක් දිවුරුම් දීමට නියමිත බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියේය.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පස්වරු 4.00 ට අරලියගහ මන්දිරය යළි භාර දෙන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දී ඇති බව මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More