නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිල නිවසේ විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වේ.
ඊට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්සහභාගී වී සිටින අතර ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන බව වාර්තා වේ.
මේ අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේදීද තවත් සාකච්ඡාවක් පැවැත්වෙන අතර ඒ සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරු කිහිප දෙනෙකු එක්ව සිටින බව දේශපාලන ආරංචි සදහන් කරයි.
ජනාධිපති නිල නිවස අසලද මාධ්‍යවේදීන් රැසක් රැදී සිටින බවද එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
දැන් මොන විදියකින් හරී රනිල් මහත්තයා පැරදුවා.දැන් හැමෝම එකතූවෙලා මිනිස්සුන්ට ජීවත් වෙන්න පුලුවන් රටක් හදන්න අවස්‍යයි.
අරු මෙහෙම කලා මූ එහෙම කලා කියන එක නොව වැදගත්.මේ අහින්සක මිනිස්සුන්ට සාදාරනයක් කරන්න ඕනේ.මේ රට දිවුනු කරන්න ඕනේ.දේශීය කර්මාන්ත දියුනු කරන්න ඕනේ.බදු අඩු කරන්න ඕනේ.ඒ වගේම ස්වාදීන රටක් ලෙස කට යුතු කරන්න ඕනේ.මේ රටට ආදරේ මිනිස්සු කැබිනෙට් එකට දාගන්න ඕනේ. ඒවගෙම හොරකන් කොමිස් නැතුව වැඩ කරන්න ඕනේ.එහෙම සිදු නොවුනොත් මේ මිනිස්සු නැවත කාවත් විශ්වාස නොකරාවි.
මේ රට අද තියෙන තත්වයෙන් ගොඩ ගන්න මහ ජනතාවට පටි තද කරන්න නොකියා මැති ඇමැති වරු පටි තද කරන් මේ අහින්සක මිනිසුන්ට හෙට දවසක් උදා කර දෙමු.එසෙ නොවේනම් මුලු මහත් ජතියෙන ශාපය වදීවී.
පලිගැනිම් නොව මෛත්‍රි සහගතව කටයුතු කරමු.එසෙම දේශ පාලිනික හා වෙනත් විදේශිය ඕනෑකම් වෙනුවෙන් සිර ගත අයට විදිමත් පරෙශනයක් පවත්වා ඔවුන්ව නිදහස් කරමු.
රටක් වශයෙන් හිත කටයුතු කරමූ
1956 විප්ලවයේ අරමුණ වුණේ ඒවන තෙක් රටේ බලය ලබාගෙන තිබූ කළු සුද්දන්ගේ පාලනයට තිත තියලා රටේ පොදු මහජනතාවගේ ආකල්ප හා අභිලාශ වලට සරිලන ස්වදේශීය පාලනයක් ඇති කරගැනීමයි. නමුත් අවාසානාවන්ත කාරණය නම් මේ 1956 විප්ලවයට විප්ලවය සිදුකළ පාර්ශවයේ කොටසක් විසින්ම කෙළ කිරීමයි. යම් දේශපාලන අභිලාශයක් ක්‍රියාත්මක කරද්දී ඒක මහපොළවේ දේශපාලන යතාර්ථයට ගැලපෙනවාද නැද්ද කියන එක ගැන අවබෝධයක් ඇතිව ඒදේ කළ යුතුයි. මහ පොළවේ යතාර්ථයට ගැලපෙන්නේ නැත්නම් ඒ ව්‍යාපෘතිය විනාශ වෙලා අරමුණු සපුරා ගන්න බැරි වෙනවා. අන්න ඒක තමයි 1956ට වුණේ. 56 විප්ලවයේ හිටිය ඇතැම් අන්තවාදී කොටස් වල ක්‍රියාකලාපය…..අවාසනයේ රට කෑ බල්ලා ලෙස ඇතැම් සිංහල පාර්ශවයන්ගේම පරිබවයට බණ්ඩාරනායක මහතා ලක්වීමයි.
සිංහල භාෂාව එකම රාජ්‍ය භාෂාව කළ යුතු බවත් ඒ සමඟම දෙමළ භාෂාවට උතුරු නැගෙනහිර පළාත් වල පළාත් භාෂාවක මට්ටම හෝ ලබා දිය යුතු බව 56දි සෑහෙන පිරිසකගේ මතය වුණා. නමුත් අන්තවාදීන් කිහිපදෙනෙකුගේ දැඩි බලපෑම් හේතුවෙන් ඒක නවතා දෙමළ භාශාව සම්පූර්ණයෙන්ම අමතක කර මුළු රටේම සිංහලය රාජ්‍ය භාෂාව කළා…..රටේ මහ පොළවේ දේශපාලන යතාර්ථය නොසළකා ගත්ත ඒ පියවරෙන් වුණේ මුළු ව්‍යාපෘතියම ඇණ හිටීමත් අවසානයේ දෙමළ – සිංහල ගැටළුව උග්‍ර වෙලා, දෙමළාගේ ස්වාභාවික මිතුරා වන ඉන්දියානු බලපෑමට ලක්ව වසර තිහක යුද්ධයකට මුහුණ දීම. ඒ වගේම ඒ තත්ත්වයෙන් මිදෙන්න දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව කළා….මුලින් පළාත් භාෂාවක් ලෙස වත් යම් පිළිගැනීම්ක දෙන්න අකමැති වෙච්ච එක අවසාන වුණේ සිංහලය හා සමාන රාජ්‍ය භාෂාවක් කරන්නට වීමෙන්. ඒ වගේම 56 විප්ලවයේ නිසි අරමුණු ඉටු වුණේ නැ. තාමත් සිංහලය නෙමෙයි ඉංග්‍රිසියයි රජ කරන්නේ……..56දි එළවපු කළු සුද්දෝ ආපහු බලය ලබා ගත්තා. මේ මොහොතේ 2018 දි අපි තාමත් උත්සාහ කරන්නේ 56දි එළවා දැමුවා සේම කළු සුද්දන් පාලනයෙන් එළවා දමන්න. කෙටියෙන් කියනවා නම් අන්තවාදී සුළු පිරිසක් නිසා මුළු 56 විප්ලවයේ අරමුණු ඉටු කරගන්න බැරි වුණා…………
මේ කතාව අදාළ වෙන්නේ. ඊළඟට පත්වෙන මහින්ද රාජපක්ෂ රජයට…අනාගත මහින්ද රාජපක්ෂ රජයට ප්‍රබල අභියෝග රැසකට මුහුණ දෙන්න තියනවා. ඒ වගේම ඒ අභියෝග වලට මුහුණ දෙන්න හැකියාවත් තියනවා. නමුත් සිංහල ජාතිකවාදයේ අන්තවාදී කොටස් වල වුවමනාකම් ඉටුකරන්න ගියහොත් නැත්තම් ඒ අයට අවශ්‍ය විදිහට නටන්න ගියොත් නම් ඒ අභියෝග ඉදිරියේ පසුබානවා විතරක් නෙමෙයි දරුණු ලෙස පරාජයට පත්වෙන්න සිදුවෙයි……..ඒ නිසා මහින්ද රාජපක්ෂ අන්තවාදී කොටස් වල අතකොළුවක් නොවී ප්‍රාෙයා්ගික නායකයෙක් ලෙස කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.