දේශීය පුවත්

ඇතිවූ වෙනස සම්බන්ධයෙන් තමා සතුටු වන බවත් නව අගමැතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතාට තම සහයෝගය ලබා දෙන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසයි.

‘‘රටේ ඇතිවුණු මේ වෙනස පිළිගන්නවා.මෙය මාතෘ භූමියේ වාසනාවට සිදුවුණු සිද්ධියක්‘‘ යැයිද විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පැවැසීය.
වසන්ත සේනානායක මහතා මෙසේද කීය.
‘‘මගේ මුතුන් මිත්තන් හැදූ එක්සත් ජාතික පක්ෂය ලැජ්ජා නැති ආත්මාර්ථකාමි මිනිසෙකු විසින් විනාශ කළා. ඇතිවුණු වෙනසත් සමඟ මට ලොකු සැනසිල්ලක් දැනෙනවා.මේ අවස්ථාවේදී මාගේ සහය අගමැතිතුමාට දෙනවා.වෙනස ඇති කළ ජනාධිපතිතුමාට සුබ පතනවා.‘‘ යැයි සේනානායක මහතා ප්‍රකාශ කළේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ ද සිය සහය අගමැති මහින්ද රාජපක්ෂට පළකර සිටියි.

ආනන්ද අලුත්ගමගේ මහතා මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවස වෙත ගොස් ඔහු මුණ ගැසීමෙන් පසු කියා සිටියේ එක්සත් ජාතික පක්‍ෂයේ විශාල පිරිසක් මහින්ද නව ආණ්ඩුව සමගින් එක්වීමට සූදානමින් සිටින බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More