හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමත් සමඟම ජාතික රූපවාහිනී සංස්ථා පරිශ‍්‍රයේ අද (26) රාත‍්‍රීයේ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති විය.
මේ හේතුවෙන් ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු ද ඇණහිටියේය. විකාශනය අද මධ්‍යම රාත‍්‍රීය පසුවනතුරුත් එය යථාතත්ත්වයට පත්ව තිබුණේ නැත.
මහින්ද රාජපක්‍ෂ මහතා අග‍්‍රාමාත්‍යතනතුරට පත්වීමත් සමඟම ජනමාධ්‍ය මංගල සමරවීර, රාජිත සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර, චතුර සේනාරත්න යන එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් කණ්ඩායමක් තවත් පිරිසක්ද සමඟ ජාතික රූපවාහිනී පරිශ‍්‍රයට පැමිණ එහි රැඳී සිටිනු දක්නට ලැබුණි. පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළු විශාල පිරිසක් ද රූපවාහිනී සංස්ථාව ඉදිරිපිට රැකවල්ලා සිටියහ.
මේ අතර ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ඉන්දික අනුරුද්ධ, සනත් නිශාන්ත, ප‍්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතුළු පිරිසක් රූපවාහිනි සංස්ථා පරිශ‍්‍රයට පැමිණීමත් සමඟ එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරු රූපවාහිනි සංස්ථා පරිශ‍්‍රයෙන් ඉවත්ව ගියහ. ඉවත්ව ගිය මැති ඇමතිවරුන්ට එහි රැස්ව සිටි පිරිස් හූ හඬකින් සංග‍්‍රහ කළහ.
අනතුරුව රූපවාහිනී සංස්ථාවට ඇතුළු වූ ඒකාබද්ධ විපක්‍ෂයේ කණ්ඩායම පිවිසුම් දොරටුවේ සවිකර තිබූ අගමැතිවරයාගේ ඡායාරූපය ගලවා ඉවත් පියවර ගත්හ. අනතුරුව රූපවාහිනී සංස්ථාවේ සේවකයන් සමඟ කෙටි පිළිසඳරක නිරතවූ ඒකාබද්ධයේ පිරිස් පසුව එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.
රාජිතට මළ පනි. චතුර රෑපවාහිණියෙන් පන්නයි.
ජාතික රෑපවාහිනියේ බලය අල්ලනන්න ගිය චතුර රෑපවාහිණියෙන් පන්නයි.කුඩා ළමුන් නැරඹිමෙන් වලකින්න.
Gepostet von Lanka Lead News am Freitag, 26. Oktober 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...