හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ඇති තර්ජන වැඩි වී ඇතැයි පාර්ලිමේන්තුවේදී අද ප‍්‍රකාශ කෙරුණි. ඒ සම්බන්ධයෙන් පළමුවෙන් කරුණු දැක්වූයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධනයි. හිටපු ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනීමට තමන්ටද අවශ්‍ය බව ඊට ප‍්‍රතිචාර දක්වමින් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේය.
මෙහිදී නැගී සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ පැවසුවේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ඇති තර්ජන වැඩිවී ඇතැයි දැනුම්දී ඇත්තේ ප‍්‍රභූ ආරක්ෂාව භාර ප‍්‍රධානියා බවය. හිටපු ජනාධිපතිවරයාගේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරියා කැඳවා ඔහු මෙම දැනුම් දීම කර ඇතැයිද ඒ පිළිබඳ ලොග් සටහනක්ද තිබෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණි.
මීට ප‍්‍රතිචාර දක්වමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ මේදක්වා පැවැති තත්ත්වයන් යටතේ හිටපු ජනාධිපතිවරයාට අවශ්‍ය තරම් ආරක්ෂාව සැපයීමට පියවර ගෙන ඇති බවය. එහෙත්, මතුව ඇති තත්ත්වයන් සලකා බලා එම ආරක්ෂාව වැඩිකළ යුතු නම් ඒ සඳහා පියවර ගන්නා බවද අග‍්‍රාමාත්‍යවරයා පවසා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ඇති තර්ජන සම්බන්ධයෙන් සිදු කර ඇති මෙම දැනුම්දීම පිළිබඳ තමන් නොදන්නා බවය. ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් නාමල් කුමාර නමැත්තා විසින් හෙළි කරන ලද තොරතුරු වල නම් හිටපු ජනාධිපතිවරයා පිළිබඳ සඳහනක් නොමැති බවද අමාත්‍යවරයා පවසාසිටියේය. කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බව ඔහු අවධාරණය කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...