රටට වෙලා තියෙන හානිය බැඳුම්කර කොමිසමේදී පැහැදිලි කිරීමට අවස්ථාව ලැබුණු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(20දා) පැවසීය.
බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ අඩුපාඩු සිදුවිය හැකි වුවද කිසිවක් සැඟවීමට නොමැති බවත්, තමා සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ඇතුළු ඇමතිවරුන් බියකින් තොරව කොමිසම හමුවේ පෙනී සිටි බවත්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,
“කොමිසමේ සභාපතිවරයාට ස්තුතිවන්ත වෙනවා මට එම අවස්ථාව ලබාදීම සම්බන්ධව.මට අද හුඟක් කරුණු පැහැදිලි කරන්න අවස්ථාව ලැබුණා.අපේ ආර්ථික ප්‍රතිපත්තිය, රටේ වෙලා තියෙන හානිය ඇතුළු සියල්ලම මට මෙතනදි පැහැදිලි කරන්න අවස්ථාව ලැබුණා.මමත් අපේ පක්ෂයේ සභාපතිතුමාත්, ලේකම්තුමත්, ඇමතිවරුත් කිසිම බයක් නැතිව ඉදිරිපත් වුණා.
අපි යහපාලනය ඉදිරියට ගෙනියනවා.මොකවත් හංගන්න දෙයක් නැහැ.වැරදි වෙන්න පුළුවන්.අඩුපාඩු වෙන්න තියෙනවා.අපි යහපාලනය ඉදිරියට ගෙනියනවා” යනුවෙන් පවසා සිටියේය.
ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...