රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණූ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මේවනවිට වැලිකඩ බන්ධනාගාරයේ වයි ඕ වාට්ටුවේ රඳවා සිටින අතර වෙනත් රැඳවූවන් නොමැතිව හුදෙකලාව ඔහු රඳවා සිටින බව බන්ධනාගාර ආරංචි පවසයි.
නියමිත පටිපාටියට අනුව නාලක සිල්වා රැඳවිය යුතුව ඇත්තේ මැගසින් බන්ධනාගාරයේය. එහෙත්, ඔහුගේ ආරක්ෂාව පිළිබඳ සලකා ඔහු වැලිකඩ බන්ධනාගාරයේ රැඳවිමට බන්ධනාගාර නිලධාරීන් තීරණය කර තිබේ.
මේ අතර නාලක සිල්වා ඊයේ රාති‍්‍රයේ බන්ධනාගාරය වෙත රැගෙන ඒමටත් පෙර ඔහු පරික්ෂා කිරීම සඳහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු ගිලන් රථයකින් වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ ඇත. කෙසේවෙතත් නාලක සිල්වාට කිසිඳු විශේෂ අසනීප තත්ත්වයක් ඇතැයි පරික්ෂා කිරීම්වලදී අනාවරණ වී නැති අතර එසේ තිබියදීත් නාලක සිල්වා රෝහල්ගත කරන්නැයි වෛද්‍යවරයා නිර්දේශ කර තිබේ.
ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් සහ වෛද්‍යවරයා අතර උණුසුම් සංවාදයක්ද ඇති වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි. පසුව වෛද්‍යවරයා ඔහු පැමිණි ගිලන්රථයෙන්ම වැලිකඩ බන්ධනාගාරයෙන් පිටව ගොස් තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...