හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවස හා ඒ අවට ප්‍රදේශය ඩ්‍රෝන කැමරාවක ආධාරයෙන් වීඩියෝගත කළ පුද්ගලයන් දෙදෙනෙකු ඩ්‍රෝනා කැමරාවද සමග අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සහ ඩ්‍රෝන කැමරා ක්‍රියාකරුවෙකි.
හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ නිවසට ඉහළින් ඊයේ (25දා) දහවල් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කර ඇති අයුරු එම නිවසේ ආරක්ෂාවට සිටි නිලධාරීන් දැක වහාම එය ගුවන්ගත කරමින් සිටි පුද්ගලයන් අසලට ගොස් ඒ පිළිබඳ විමසා, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...