ප‍්‍රධාන පුවත්

රටට වෙලා තියෙන හානිය බැඳුම්කර කොමිසමේදී පැහැදිලි කිරීමට අවස්ථාව ලැබුණු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(20දා) පැවසීය.

බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ අඩුපාඩු සිදුවිය හැකි වුවද කිසිවක් සැඟවීමට නොමැති බවත්, තමා සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ඇතුළු ඇමතිවරුන් බියකින් තොරව කොමිසම හමුවේ පෙනී සිටි බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,

“කොමිසමේ සභාපතිවරයාට ස්තුතිවන්ත වෙනවා මට එම අවස්ථාව ලබාදීම සම්බන්ධව.මට අද හුඟක් කරුණු පැහැදිලි කරන්න අවස්ථාව ලැබුණා.අපේ ආර්ථික ප්‍රතිපත්තිය, රටේ වෙලා තියෙන හානිය ඇතුළු සියල්ලම මට මෙතනදි පැහැදිලි කරන්න අවස්ථාව ලැබුණා.මමත් අපේ පක්ෂයේ සභාපතිතුමාත්, ලේකම්තුමත්, ඇමතිවරුත් කිසිම බයක් නැතිව ඉදිරිපත් වුණා.

අපි යහපාලනය ඉදිරියට ගෙනියනවා.මොකවත් හංගන්න දෙයක් නැහැ.වැරදි වෙන්න පුළුවන්.අඩුපාඩු වෙන්න තියෙනවා.අපි යහපාලනය ඉදිරියට ගෙනියනවා” යනුවෙන් පවසා සිටියේය.

ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අගමැති අද බැඳුම්කර කොමිසම හමුවට – දප්පුලි වෙනුවට නීතිපති ප‍්‍රශ්න අහයි..

භාණ්‌ඩාගාර බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂිදීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (20 දා) පැමිණීමට නියමිතය.

අගමැතිවරයා කැඳවිය යුතු බවට කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා විසින් ඉකුත් 02 වැනිදා කොමිසම හමුවේ කළ විශේෂ ප්‍රකාශයක්‌ අනුව අගමැතිවරයා අද කොමිසම හමුවේ සාක්‍ෂි දීමට කැඳවා ඇත.

අගමැතිවරයාගෙන් මෙහිදී නීතිපතිවරයා විසින් ප්‍රශ්න කිරීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More