ස්වදේශික ජනයාට අතිරේක බදු බරක් පටවමින් විදේශිකයාට බදචු සහන දෙන, මෙරට ආර්ථිකය විදේශිකයා අතට පත් කෙරෙන මේ ආණ්ඩුවේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තියේ විපාක දැන් අප කාටත් විඳීමට සිදුව ඇති බවත් රුපියල වැටෙන්නේ, දේශිය ව්‍යාපාර කඩා වැටෙන්නේ, රැකියා ලක්‍ෂ 10ක් උත්පාදනය වීම වෙනුවට රැකියා අහිමිවීම ලක්‍ෂ 02ක් පාරට වැටෙන්නේ එම වැරදි ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵල ලෙස බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.
අද (25) පාර්ලිමේන්තු විවාදයකට එක්වෙමින් ඒ මහතා එසේ පෙන්වා දුන්නේය.
පාන්පිටි සඳහා මිලියන 34,000ක ද කිරිපිටි සඳහා ටිලියන 18,000කද බදු සහන මේ ආණ්ඩුව, ගෙවී ගිය වසර තුන තුළ බහුජාතික සමාගම් වෙත ලබා දී ඇති බවත් එහෙත් දේශීය කිරිපිටි නිෂ්පාදකයාට හෝ දේශිය ව්‍යවසායකයාට දුන් කිසිදු සහනයක් නැති බවත් ඔහු සඳහන් කළේය. මෙවැනි නරුම ආර්ථික ප්‍රතිපත්තියකින් ස්වදේශික ජනයා තම රට තුළ දෙවන පෙළ පුරවැසියකු වන බවත් ආර්ථිකයේ සියලු දොරටු විදේශිකයාට විවර වන බවත් වීරවංශ මහතා අවධාරණය කළේය.
විදේශ මුදල් රට තුළට ගලා ඒම මහ බැංකුවේ අධික්‍ෂණයෙන් තොරව සිදු කළ හැකි පරිදි විනිමය පාලන පනත සංශෝධනය කළ මේ ආණ්ඩුව කළු සල්ලි සුදු කරන තිප්පොළක් බවට මේ රට පත් කළ බවද පෙන්වා දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙෂ කොටි හිතවාදීන්ගේ මුදල් දැන් රට තුළට ගලාඑන බවත් ඔවුන් අද මෙරට ආර්ථික මර්මස්ථාන මිල දී ගනිමින් සිටින බව ද වීරවංශ මහතා සඳහන් කළේය. ඊ.ඒ.පී. මාධ්‍ය ජාලය, ඊ.ටී.අයි. සමාගම ආදිය අද කොටි මුදලින් මෙහෙයැවෙන ලයිකා මොබයිල් නැමති සමාගම ෂතු වීම ඊට උදාහරණයක් බවත් ස්වර්ණවාහිනිය හා මෙරට සිනමා ශාලා රැසක් ඒ අනුව ලයිකා මොබයිල් කොටි සමාගමට හිමිව ඇති බවද අනාවරණය කළේය. මෙම ගනුදෙනුව පිටුපස හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හා ඇයගේ උපදේශකයකු වූ මනෝ තිත්තවැල්ල ය නඅය සිටින බවද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...