දේශීය පුවත්

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කරලීමේ කුමන්ත්‍රණයේ නාලක ද සිල්වා මහතා සමඟ පිටුපස සිටින්නේ සරත් ෆොන්සේකා මහතා බව තමා දන්නා බව දුෂණ විරෝධි බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පසුගියදා පැවසීය.

එම චෝදනාවට පිළිතුරු ලබා දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේ තමා සිද්ධිවල පිටිපස්සෙන් නොසිටින බවත් තමන් වැඩකට බැස්සොත් ඉස්සරහින් යන බවත්ය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී ඒ මහතා මෙසේද අදහස් දැක්විය.

“මේකෙන් නැවත සනාථ වෙනවා නාමල් කුමාර කියන්නේ අංගොඩ නැවතිය යුතු පිස්සෙක් කියල හතර වටේටම එක එක මිනිස්සුන්ට චෝදනා එල්ල කරනවා. ඩී.අයි.ජී නාලක සිල්වා කියන පුද්ගලයා මම මගේ ජීවිතයටම මුණගැහිලා තියෙන්නේ එක දවසයි. එක දවසක් හම්බුණ ගමන් ජනාධිපති ඝාතන ගැන කතා කරන්නේ නැහැනේ මිනිස්සු එක්ක. ඒ ඇරෙන්න ඉතින් මේ රටේ අනිත් සාමාන්‍ය පොලිස් නිලධාරීන් රජයේ නිලධාරීන් ඒ වගේ එතුමාගේ මම ගැන දන්නවා ඇති මම එතුමාගේ නම ඩී.අයි.ජී තනතුරට ආවට පස්සේ එතුමා ගැන මම අහලා තිබුනා. කුමාර කියන පුද්ගලයා ගැන මම පහුගිය ටිකේ විවේචනාත්මකව කතා කරා.”

“ඔය සිද්ධියේදී ඩී.අයි.ජී කෙනෙක් එළවීමට කොහේ හරි ඉන්න පිස්සෙක් කියන දේවල් භාර අරගෙන එලවන්න ගියොත් මේ රටේ ඉන්නේ ඔක්කොම ඩී.අයි.ජීලා එළවන්න වෙයි, ඔක්කොම ජෙනරාල්ලා එලවන්න වෙයි, රජයේ සේවකයෝ ඔක්කොම එලවන්න වෙයි, මොකද මේ රටේ පිස්සෝ ඉන්නවනේ තවම. ඒක හන්දා මම විවේචනය කරපු නිසා මට මඩ ගහන්න හදනවා ඇති ඒ පුද්ගලයා. මම සාමාන්‍යයෙන් සිද්ධිවල පිටිපස්සෙන් ඉන්න කෙනෙක් නෙවෙයි. මම වැඩකට බැස්සොත් මම ඉස්සරහින් තමයි යන්නේ. ඩී.අයි.ජී කෙනෙක්ගේ පස්සෙන් ඉඳගෙන කරන්න තරම් මම පහත් මට්ටමට වැටිලා නැහැ.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More