දේශීය පුවත්

ජනාධිපතිවරයා , හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා මහතා ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් දින පහක් ප‍්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු අද රාතී‍්‍ර 7.00ට පමණ එලෙස අත්අඩංගුවට ගෙන රාතී‍්‍ර 9.00ට පමණ මහේස්ත‍්‍රාත් නිල නිවසට ඉදිරිපත් කළේය.

ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් අපරාධ පරික්ෂණ දෙපාරත්මේන්තුව ඉකුත් 18 වැනිදා සිට අද දක්වා සිට දින පහක කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගත්තේය. මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ නාමල් කුමාර නම් පුද්ගලයෙකි. නාමල් කුමාර රහස් පොලිසියට ඉදිරිපත් කළ හඬපට 124න් 123ක්ම කටහඬ නාලක සිල්වා මහතාගේ සහ නාමල් කුමාරගේ බවට සැසදෙන බව රජයේ රස පරීක්ෂකවරයා සිය වාර්තාවෙන් දක්වා තිබිණී.

ත්‍රස්තවාදී විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට දණ්ඩ නීති සංග්‍රහය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ද චෝදනා එල්ල කර ඇත.



One thought on “ජනපති ඝාතන කුමන්ත‍්‍රණ කළ DIG නාලකද සිල්වා රිමාන්ඩ් කෙරේ…(Video)”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More