රටේ දැනට පවතින අරාජිකත්වය නැති කිරීමට මහමැතිවරණයක් පැවැත්වෙන තුරු මැති ඇමතිවරු සියලූ දෙනා ඉවත් වී භාරකාර ආණ්ඩුවක් යටතට රට පත්කරන්න යැයි අතුරලියේ රතන හිමියෝ අද (25) පැවසූහ.
රතන හිමියන් මෙසේ පැවසූයේ රාජගිරිය සදහම් අසපුවේදී පැවති මාධ්‍ය හමුවකදීය. උන්වහන්සේ මෙසේද පැවසූහ.
‘‘ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයක් පිළිබඳවත් එයට රටේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සම්බන්ධ බවටත් තොරතුරු හෙළිවෙමින් පවතිනවා. රෝ ඔත්තු සේවයත් එයට සම්බන්ධ බවට පසුගියදා කැබිනට් මණ්ඩලයේදී ප‍්‍රකාශ වී තිබුණා.
කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් හතර දෙනෙකු රෝ ඔත්තු සේවයට සම්බන්ධ බවට මහින්ද අමරවීර ඇමැතිවරයා ප‍්‍රකාශ කරනවා. අපි හිතනවා එතුමා ආවාට ගියාට එවැනි ප‍්‍රකාශයක් කරන්නේ නැහැ කියලා.
මේ සියල්ල සලකා බලන විට රටේ ජාතික ආරක්ෂාව තිබෙන්නේ බරපතල අනතුරක බව නම් පැහැදිලියි. තවදුරටත් මෙවැනි කැබිනට් මණ්ඩලයක් එක්ක මේ ආණ්ඩුවට රටක වගකීමක් දරන්න බැහැ.
දැන් රටම කැළඹිලා තියෙන්නේ. ඒ නිසා වහාම ජනාධිපති සතු බලතල භාවිතා කර මේ කැබිනට් මණ්ඩලය විසුරුවා හැර සියලූ පක්ෂ එකතු කරගෙන භාරකාර ආණ්ඩුවක් බිහිකළ යුතුයි. එය මේ වෙලාවේ කළ යුතු අනිවාර්ය කාර්යයක් ලෙයසි මා දකින්නේ. ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කීපයේදී සියලූ පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.‘‘
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
එක ද මිය ගිය කොටින්ට රට රට ජාතිය රටේ සම්පත් ජීවිත විනාශ කරපු ම්ලේච්ඡ එල්ටීටීඊ එකට වන්දි දෙන්න අත ඉස්සුවෙ අනෙ පලයන් යන්න තොපි රට ජතිය විනාශ කරලා දැන් බෙරෙන්න හදන්න එපා නිර්මල බුදු දහමටත් බෞද්ධයන්ගේ මුදුන් මුල් කඩවන බුද්ධ චීවරය ටත් ගහන තක්කඩි පල් හොරෙක් මේක කට්ට කෛරාටික තක්කඩියෙක් මේක තු නොදකින්
දැන් මෙි බලු පාලනය ගෙනාපු රතන උන්නාන්සේටත් ඇතිවෙලා වගෙයි.අර කෘෂි රසායන භීතිකාව සනීපවෙලා අලුත් වැඩක් පටන්ගන්නේ?