සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වයට එරෙහි සංදේශයට අත්සන් තැබීමේ කටයුතු අද(25) ආරම්භ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් වෛද්‍ය ආඥා පනත අහෝසි කිරීම සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතුවලට දිගින් දිගටම බාධා කිරීමට එරෙහි මෙම සංදේශය සඳහා දිවයිනේ සියලු ප්‍රධාන රෝහල්වල වෛද්‍යවරුන් අද(25) දිනයේ අත්සන් තැබීමට නියමිත බව එම සංගමය පවසයි.
සමස්ත වෛද්‍යවරුන්ගේ අත්සන්වලින් සකස් කෙරෙන සංදේශය ඉදිරි සතියක කාලයකින් අනතුරුව ජනාධිපතිවරයා වෙත භාරදීමට සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...