දේශීය පුවත්

මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පොලිස් බල ප්‍රදේශයේ මඩකලපුව කදුරුවෙළ මාර්ගයේ මයිලන්බාවලි තිබු ඉපැරණි බෝ ගසක් කිසියම් පිරිසක් විසින් යාන්ත්‍රික කියත් යොදා කපමින් සිටියදී එරාවුර් සහ මඩකලපුව පොලිසියේ නිළධාරින් පැමින එය නතර කර තිබේ.

මෙම බෝ ගස කපන බවට මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ට දැන ගන්නට ලැබුනු අතර උන් වහන්සේ මේ පිලිබදව අම්පාර මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාට දැනුම් දිමෙන් අනතුරුව මඩකලපුව සහ එරාවුර් පොලිස් ස්ථාන වල නිළධාරින් පැමිණ බෝ ගස කැපීම නවත්වා තිබේ.

මෙම ඉඩම සදහා පොද්ගලික අයෙකුට බලපත්‍රයක් තිබෙන අතර බෝ ගස කැපිම සදහා චෙංකල්අඩි ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහ වනසංරක්ෂණ දෙපාර්මේන්තුවෙන් අවසර දි ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙලිව තිබේ. දැනට මෙම බෝ ගස කැපිම නවත්වා ඇති අතර මේ පිලිබදව අධිකරණයට කරැණු වාර්තා කිරිමට පොලිසිය කටයතු කරමින් සිටියි.

මේ පිලිබදව විමසිමේදි මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පැවසුවේ මෙවැනි ක්‍රියාකාරකම් නිසා නැගෙනහිර පලාතේ ජාතින් අතර සුහදතාවය නැතිවෙන බවයි. තමන් ගේ ආගම මෙන්ම අනෙකා ගේ ආගමට ගරු කිරිමට කවුරුත් කටයුතු කල යුතු බවද උන් වහන්සේ පැවසිය. එම නිසා මෙම ක්‍රියාවට අවසර දුන් රජයේ නිළධාරීන්ට නීත්‍යානුකූලව කටයුතු කල යුතු බවද උන් වහන්සේ සදහන් කලේය.

මේ පිලිබදව ජනාධිපතිතුමාට සහ බුද්ධශාසන ඇමතිතුමාට තමන් දැනුම්දෙන බවද පැවසීය.

එරාවුර් මයිලන්බාවලි බෝධින් වහන්සේ ආරක්ෂා කරගත යුතුව ඇත.

Gepostet von Ampitye Sumanarathana Thero am Dienstag, 23. Oktober 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More