දේශීය පුවත්

චම්පික ඇමැතිවරයා විසින් ඇමෙරිකානු 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත්වීමට අවශ්‍ය බව කීමෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳ ලංකා ලීඩ් නිවුස් ජාතික සංවිධානවල මතය විමසීය.

ඊට ප්‍රතිචාර දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ චම්පික අමාත්‍යවරයා විසින් ඉතා සූක්ෂම ලෙස මාර්තු මාසයේ ශ්‍රී ලංකාව පාවා දීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා අටවා ඇති උගුලට ආණ්ඩුව තල්ලු කරන බවය.

වසන්ත බණ්ඩාර මහතාට අනුව අමාත්‍යවරයාගේ පාවාදීම හතර ආකාරයකින් සුදුවේ. පළමුවැන්න 30/1 යෝජනාවේ අඩංගු රණවිරුවන්ට දඬුවම් කිරීම සඳහා පිහිට වූ ඊනියා අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ඇතුළු අනෙකුත් සියලු යෝජනා ආණ්ඩුව විසින් ඉටු කිරීම සාධාරණීකරනය කිරීම, දෙවැන්න යුමය ස්ථානවල පිහිටා ඇති ඉතිරි 10% ක ඉඩම් ප්‍රමාණයක් මහජනයාට නිදහස් කොට ආරක්ෂක කඳවුරු අනතුරට ලක් කිරීම සාධාරණීකරණය කිරීම, තුන්වැන්න හමුදාව ස්ථානගත කර සිටි මට්ටමට එනම් සටන් විරාම ගිවිසුමට අනුව පැවති කඳවුරු ප්‍රමාණය දක්වා හමුදා කඳවුරු ඉවත් කිරීම සාධාරණීකරණය කිරීම, හතරවැන්න සූක්ෂ්ම රාජතාන්ත්‍රික ක්‍රියාවලියක් ලෙස හුවා දක්වමින් ලබන මාර්තු මාසයේ ආණ්ඩුව විසින්ම යෝජනාවක් ගෙන එමින් සම්මත කිරීම හෙවත් ආණ්ඩුව විසින්ම තොන්ඩුව බ‍ෙල්ලට දමා ගැනීම සාධාරණීයනරනය කිරීම.

එසේම චම්පික ඇමතිවරයා සහ සුමන්තිරන් මන්ත්‍රීවරයා කරන ප්‍රකාශ අතර කිසිදු වෙනසක් නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

එජා යෝජනාවේ සම අනුග්‍රාහයෙන් ඉවත් විය යුතුයි..- චම්පික රණවක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More