දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම වැරැද්දක් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පසුගිය (23දා) පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ලබන මාර්තු මාසයේදී ශ‍්‍රී ලංකාව සම්බන්දයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත්වීමට නියමිත චෝදනාවලින් ගැලවීමට නම් උපක‍්‍රමශීලී රාජතාන්ත‍්‍රික මෙහෙයුමක් අවශ්‍ය බවත් ඔහු සඳහන් කර තිබේ.

“ලංකා රජය කරපු වරදක් තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ අපට එරෙහිව තිබූ යෝජනාවට සම අනුග‍්‍රාහකයෙක් වීම. ඒ සම අනුග‍්‍රාහකත්වයෙන් අයින් වෙලා, අපේ රාජතාන්ත‍්‍රික සේවාවන් නොපමාව කාර්යක්ෂමව සහ ඵලදායි ලෙස යොදාගනිමින් මේ සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වෙන්න කාලය ඇවිල්ලා.

අපි අපේ රටේ සැබෑ තත්වය ලෝකයට පැහැදිලි කරලා දෙන රාජතාන්ති‍්‍රක මෙහෙයුමක් ආරම්භ කරන්න ඕනේ. ඒ හරහා මාර්තු මාසයේ දී එන මේ යෝජනාව සම්පූර්ණයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් කර ගන්න අධිෂ්ඨානශීලීව කටයුතූ කරන්න අවශ්‍යයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More