පරිසරය සම්බන්ධ බොහෝ ගැටලුවලට විසඳුම් සෙවීම අසීරු වී ඇත්තේ දේශපාලඥයන්ගේ අමනෝඥ ක්‍රියා කලාපය හේතුවෙන් බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික සංවිධානය චෝදනා කරයි’
පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් මේ චෝදනාව එල්ල කළේ එම සංවිධානය කොළඹදී පවත්වන ලද උත්සවයක් අමතමිනි.
වනජීවී ඇමති සරත් ෆොන්සේකා සහ නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම හැසිරෙන්නේ සල්ලාලයන් දෙදෙනෙකු ලෙස බවත් තමන් වහන්සේ නොමැති නම් මේ වන විටත් මෙම ඇමති දෙපල විසින් සිංහරාජයේ අලි දෙදෙනා මරා දමා අවසන් බවත් උන්වහන්සේ පවසති.
සරත් ෆොන්සේකා ඇමති සමග කතා කිරීමට T-56ක් රැගෙන යා යුතු බවත් කිසිම හිතක් නැති හමුදා කාරයෙක් එකපාරටම මේ විෂයට පැමිණ හමුදාවේ ආකාරයට ප්‍රශ්න විසඳන්නට යන බවටත් උන්වහන්සේ චෝදනා කරති.
ආනන්ද සාගර හිමියන් ජනාධිපතිවරයාගේ විශේෂ ව්‍යාපෘති අධක්‍ෂ ධුරයක්ද දරන අතර තමන්ට හරිතවාදය කියාදුන් සරම ඇදගත් ඇමතිවරු අද ඒ වරදම කරමින් සිටින බව උන්වහන්සේ පවසා සිටියහ පැවසූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...