ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට පැවසෙන සිද්ධිය පිටුපස ඇමැති සරත් ෆොන්සේකා ඇතුළු පිරිසක් සිටින බවත් ඒ බව තමා රහස් පොලිසිය වෙන දුන් මුල් ප්‍රකාශවලදී පවසා තිබෙන බවත් දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ප්‍රකාශ කරයි.
ඔහු ඒ බව කියා සිටියේ අම්පාර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවෙසේදී ඊයේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදීය.
සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් තමා රහස් පොලිසියට ප්‍රකාශයක් දුන් බව ඔහු නොදන්නා බවත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සමඟ දේශපාලනික වශයෙන් සමීප හිතවත්කමක් පැවැත්වූයේ සරත් ෆොන්සේකා බවත් නාමල් කුමාර පවසයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තමන්ගෙන් කරුණු විමසුවොත් තමා එම කරුණු හෙළිදරව් කිරීමට සූදානම් බවද ඔහු පැවැසීය.
තමාගේ පැටිකිරිය තව දින කීපයකින් එළියට එයි කියා සරත් ෆොන්සේකා තමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් ගැන සඳහන් කරමින් නාමල් කුමාර පැවැසුවේ හොරාට කලින් කෙසෙල් කැන එළියට එනවා කියන්නේ ඔන්න ඕකට බව ප්‍රකාශ කරමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...