දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සීමාව දැනගෙන කටයුතු කළ යුතු බව නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සී.බී.රත්නායක මහතා කියා සිටියේය.

අද(24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේ

වැඩි දුරටත් අදහස් දක්වන මන්ත්‍රිවරයා පවසන්නේ වෙල්ගම මහතා දක්වන්නේ තම පුද්ගලික අදහසක් වුවත් පක්ෂයක විනයක් ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

“අපි කටයුතු කරන්න ඕන ඊට එකඟව.උදාහරණයක් ගත්තොත් රජකෙනෙක් බුරූවගේ පිටේ නැගල විදි සංචාරය කරනකොට රට වැසියන් වැද නම්ස්කාර කරනවා.ආචාර කරනවා.ඒක දැකලා බුරූවා හිතුවා බුරූවට තමයි මේ ආචාර කරන්නේ කියලා.පස්සේ රජ්ජුරුවෝ නැතුව බුරූවා ගියාම බුරූවට වුන දේ අපි කවුරුත් දන්නවා.ඒ නිසා අපේ සීමාව දැනගෙන කටයුතු කරන්න ඕන.

එමෙන්ම මේ රට අපේ ඒ රටේ කැබිනට් එකේ සාමාජිකයින් හතර දෙනෙක් නම් රෝ ඒකට තොරතුරු ලබා දෙන්නේ,ඒ බව කියන්නේ කැබිනට් ඇමති වරයෙක් .ඒ නම් දන්නවනම් පැහැදිලිවම සමාජයට හෙළිදරව් කරන්න ඕන.නැත්නම් විමසීමක් කරන්න ඕන. එතුමා දන්නවනම් මෙක හංගන්න ඕන නෑ.අද මේ රටේ කරන්නේ බොරුව සමාජගත කරන එක.

මේ මාතෘභූමිය අපේ කරුණාකරලා මිල මුදලට ,බලයට යට වෙන්න එපා.රට බේරා ගැනිම සදහා ස්වයං තිරණ ගැනිමට අයිතියක් තියෙනවා.ඒ කැබිනට් එකේ ඉන්න සාමාජිකයෙක් හැටියට මහින්ද සමරවීර සහෝදරයගෙන් මම ඉල්ලනවා කරුණාකරලා රටට ඒ නම් හතර හෙලි කරන්න කියලා.එහෙම නැත්නම් තවත් කුමන්ත්‍රණ කරලා මේ රට අරාජික කරලා 1815 වගේ ඩොයිලි වගේ චරිත වලට ඉඩ දෙන්න එපා.“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More