ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මහජන බැංකුව හා ලංකා බැංකුවේ සභාපතිවරුන් ලෙස කාන්තාවන් දෙදෙනෙකුගේ නම් නිර්දේශ කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව මහජන බැංකුවේ සභාපති ලෙස සුජාතා පෙරේරා මහත්මියගේ නමත්, ලංකා බැංකුවේ සභාපතිනිය ලෙස දමිතා ද සොයිසා මහත්මිය ගේ නමත් ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙත යොමුක කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
කෙසේ වුවද ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතාට සභාපති ධූරයෙන් ඉවත් නොවන ලෙස ජාතික පක්ෂයෙන් දැනුම්දීමක් කර ඇතැයි නිල නොවන ආරංචි මාර්ග පවසයි.
ඒ අතර මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ දිනයේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට යොමුකර ඇත. ඔහු හෙට දිනයේ දී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ධූරයෙන්ද ඉල්ලා අස්වීමට නියමිතව ඇතැයි පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...