ඊයේ ගිංතොට ප්‍රදේශයේදී සිංහල – මුස්ලිම් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සහ දේශපාලකයින්ගේ අනව්‍ය අත පෙවීම මෙම ගැටුම දුරදුගි යෑමට හේතුවක් වූ බව එම නිවේදනය මගින් එම සංවිධානය අවධාරණය කරයි. එම නිවේදනය මෙසේය.
ගාල්ලේ ගින්තොට ප්‍රදේශයේ සිදුවූ ජාතිවාදී ගැටුම් සම්බන්දයෙන් බොදු බල සේනා නායක පූජ්‍ය ඤාණසාර හිමි නමින් කිසිදු ප්‍රකාශයක් කර නොමැති අතර උන්වහන්සේගේ නමින් ව්‍යාජ පණිවුඩයක් සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කරමින් තිබෙන බව වාර්තා වී ඇත.
පවතින තත්වය සොයාබලා , විශේෂයෙන් තුවාලකරුවන් හා දේපල හානි පිලිබඳව සොයා බලා ප්‍රදේශයේ සාමය ඇතිකිරීම සොයා බැලීමට බොදු බල සේනා නායක පූජ්‍ය ඤාණසාර හිමි මේ වන විට ගාල්ල ප්‍රදේශයේ සංචාරය කරමින් සිටී.
ගැටුම් නිරාකරණයේ දී බොහෝ දේශපාලන නායකයින්ගේ අදූරදර්ශි පියවර හා නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට අනවශ්‍ය බලපෑම් කිරීම මෙවැනි තත්ව වර්ධනය විමට බලපාන බව අපට වාර්තා වී ඇත.. සංහිඳියාව ඇති කිරීමට රජයේ අපොහොසත් වීම හා ඵලදායී නොවන ප්‍රවේශයන් ද මෙහිදී අපගේ අවදානයට යොමු විය යුතුය.
ගින්තොට ප්‍රදේශයේ යතුරුපැදි අනතුරක් සිදූ වූ විට එය පැද වූ සිංහල ජාතිකයාට ප්‍රදේශයේ බහුතරයක් වූ මුස්ලිම් පිරිස සමග සිටින අන්තවාදී පිරිසක් විසින් පහර දීම නිසා ඇති වූ ගැටලුව විසදීම සිදු නොකොට එය ජාතිවාදී ගැටුමක් දක්වා වර්ධනය වූ පසු මාධ්‍ය ඉදිරියේ වීරයන් වීමට යම් සිංහල දේශපාලකයින් හා එම ප්‍රදේශයට අදාල නොමැති අන්තවාදී මුස්ලිම් දේශපාලකයින් විසින් ගනු ලබන උත්සහයන අප පිලිකුලෙන් යුතුව හෙලා දකිමු.
පසුගියදා ගම්පොල කඨින පිංකමක පෙරහැරකට මුස්ලිම් අන්තවාදී පිරිසක් පල්ලිය ඉදිරියේදී ගල් ගැසීම නිසා සිදු වීමට ගිය අනතුර වලක්වා ගැනිමට හැකි වුවද දිගින් දිගට මෙසේ කටයුතු කිරීම භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි බව අපගේ මතයයි.
මුස්ලිම් අන්තවාදය හා ත්‍රස්තවාදය අප රටට පමණක් නොව මුලු ලෝකයටම හිරිහැරයක් වී තිබෙන මොහොතක මේ රට තුල ඉතා සුලුවශයෙන් ක්‍රියාත්මක වෙන අන්තවාදය පාලනය කිරීමට රජය, දේශපාලකයින් , විශේෂයෙන් මුස්ලිම් ආගමික නායකයින් කටයුතු නොකලහොත් රට ඉතා භයානක තත්වයකට ඇද වැටිම වැලැක්ව්ය නොහැකි බව අප පැහැදිලිව ප්‍රකාශ කරමු.
ඉදිරි වසර 10 තුල රට දියුණු කිරීම ඉලක්ක කොට බෞද්ධ , හින්දු, ක්‍රිස්තියානි හා ඉස්ලාමික ආගමික කණ්ඩායම් සමග මෙන්ම සිංහල හා දෙමල ජනවාර්ගික කණ්ඩායම් සමග මේ වන විට බොදු බල සේනා ආරම්භ කල විද්වත් සංවාද මාලාව මේ සියලු තත්ව තුල ඉදිරියට ගෙන යන බවත් තවදුරටත් ප්‍රකාශ කරන අතර සියලු දෙනාට කල්පනාකාරීව වගකීමකින් යුතුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු..
– බොදු බල සේනා
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...